Saturday, April 20, 2024

General line - 0115112241

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැගීමට සජිත්ගෙන් උපරීම ශක්තිය




රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩනැගීම සඳහා උපරිම ශක්තිය ලබාදෙන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දැනුම මත පදනම් වූ ආර්ථිකයකට නව සැලසුම් සකස් කරන බවයි. 

ජනතාවට සමීප සංවර්ධනයක් රට තුළ කි‍්‍රයාත්මක කරන බවයි ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ප‍්‍රකාශ කළේ. 

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙම අදහස් පළ කළේ ඊයේ (15) පස්වරුවේ නාරම්මල පැවැති ජන රැළියකට එක්වෙමින්.

මේ අතර ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද (16) දිනයේද තවත් ජන රැළි කිහිපයකට සහභාගී වීමට නියමිතයි.