Wednesday, April 24, 2024

General line - 0115112241

අගමැති යාපනයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්‍ෂණයක




යාපනයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නිරීක්‍ෂණයට අද ලක් කෙරුණා.

කලාපීය ගුවන් ගමන් සදහා හෙට විවෘත කෙරෙන පලාලි ගුවන් තොටුපොලද අග‍්‍රාමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක් වූ බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.

මේ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පස්වරුවේ යාපනය, මාවඩ්ඩි පුරම් හින්දු කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ද ලබාගත්තා.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සහ එම් ඒ සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම සිද්ධාර්ථන් ඇතුළු පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටි බවයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ.