Thursday, April 25, 2024

General line - 0115112241

වත්මන් යුද හමුදාපතිට එරෙහිව පැමිණිලි කළ වීඩියෝව පැරණි එකක් බව හෙළිවෙයි




යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මැතිවරණ කොමිසම වෙත සිදුකර ඇති පැමිණිල්ලකට හේතු වූ වීඩියෝව ඔහු 2009 වසරේ සිදුකළ ප‍්‍රකාශයක් බව අනාවරණ වී තිබෙනවා.

යුද්ධය අවසන් සමයේ එවක ආරක්‍ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්‍ෂ සම්බන්ධයෙන් එම කාලයේ බි‍්‍රගේඩියර්වරයෙකු ලෙස සිටි වත්මන් යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම ප‍්‍රකාශය සිදුකර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක මේජර් ජෙනරල් සුමිත් අතපත්තු කරුණු දක්වා සිටියා.

"වර්තමානයේ යුදහමුදාපතිතුමා එවැනි ප්‍රකාශයක් කරලා නෑ. 2009 වසරේ නායකත්ව දේශනයකදී කළ කතාවකින් උපුටා ගත් කොටසක් තමයි ඒකේ දාලා තියෙන්නේ.  මේ ගැන අපි ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නෑ.  මොකද.. ඒකෙම තියෙනවා මේක 2009දී කළ ප්‍රකාශයක්.. ඒක යූටියුබ් එකෙන් උපුටා ගත්තක් බවයට"