Friday, March 29, 2024

General line - 0115112241

කායවර්ධනය මධ්‍යස්ථාන ප්‍රමිතිගත කිරීම නිත්‍යානුකූල නොවන ආයතනයකට දී ඇති බවට චෝදනා




මෙරට කායවර්ධන මධ්‍යස්ථාන ප‍්‍රමිතිගත කිරීමට අදාළ සැලැස්ම සැකසීමේ වගකීම ජාතික සංගමය වන කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයට භාරනොදී වෙනත් නීත්‍යානුකූල නොවන කායවර්ධන සංගමයකට භාරදී ඇතැයි කී‍්‍රඩා අමාත්‍යංශ බලධාරීන් වෙත චෝදනා එල්ල වනවා.

මෙම චෝදනාව සිදුකරන්නේ කායවර්ධන හා ශාරිරික යෝග්‍යතා සම්මේලනයේ හිටපු සභාපති කපිල කුමාරයි. ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත පැවසුවේ මෙම නීත්‍යානුකූල නොවන සංගමයට කි‍්‍රඩා අමාත්‍යංශ විසින් මෙම සැලැස්ම සකස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ද ලබාදී ඇති බවයි.

මෙම කි‍්‍රයාව සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී මෙරට සියලූ කායවර්ධන කී‍්‍රඩා සමාජ කැඳවා දැඩි විරෝධයක් දක්වන බවද ඔහු ප‍්‍රකාශ කළා.

මෙම චෝදනාව සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් කී‍්‍රඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරාගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ වාර්ෂික ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ පිරිසක් මෙම කි‍්‍රයාව විවේචනය කරමින් සිටින බවයි.