Thursday, April 25, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් 03ක් එකතු වී තරග වැදීමට සූදානමක් - කිසිවෙකුට ඉවත් විය නොහැකි බව මැතිවරණ කොමිසම පෙන්වයි




ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් තිදෙනෙකු එක්ව තරගවැදීමට සූදානමක් පවතින බවට වාර්තා පළවනවා.

මෙලෙස එක්වීම සඳහා සූදානම් වන්නේ ජාතික ජනබලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක, ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති ධූර අපේක්ෂක හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක සහ ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක රොහාන් පල්ලෙවත්තයි.

මේ සම්බන්ධයෙන් ඔවුන් තිදෙනා වෙන්වෙන්ව සාකච්ඡා පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්දැයි යන්න පසුව තීරණය කෙරෙනු ඇති.

එහෙත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරදුන් කිසිඳු අපේක්ෂකයෙකුට ඉවත් විය නොහැකි බවයි.