Friday, April 19, 2024

General line - 0115112241

සඳ තරණයට NASA වෙතින් නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක්




සඳ තරණය වෙනුවෙන් සැකසූ නව අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයක මුල් ආකෘතියක් අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් හඳුන්වාදී තිබෙනවා. එම ආයතනය පවසන්නේ සඳතරණයට ඉදිරිපත්වන මීළග පරම්පරාවේ ගගනගාමීන් වෙනුවෙන් මෙම නව ඇඳුම් කට්ටලය නිර්මාණය කළ බවයි.

මෙම නව ඇඳුම් කට්ටලය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්යය මණ්ඩලයේ ඇඳුමට බොහෝ සෙයින් සමාන වන බව ද සඳහන්. නමුත්, සුවපහසුවෙන් සහ යෝග්‍යභාවයෙන් යුතුව දියුණු තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම ඇඳුම් කට්ටලය නිර්මාණය කර තිබීම  විශේෂත්වයක් වනවා. අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය මගින් මෙම නව ඇඳුම් කට්ටලය නම් කර ඇත්තේ XEMU ලෙසයි.