Wednesday, April 17, 2024

General line - 0115112241

හොංකොං පාර්ලිමේන්තුවත් නොසන්සුන්




හොංකොං පාර්ලිමේන්තුවේ නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. 

ඒ, හොංකොං විධායක කැරී ලෑම්ට පාර්ලිමේන්තුවේදී විරෝධයක් එල්ලවීමත් සමගයි.

ඊයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේදී තමන්ට යොමුවූ ප‍්‍රශ්න කිහිපයකට කැරී ලෑම් පිළිතුරු ලබාදීමට උත්සහ කර තිබුණා.

එහිදී විපක්ෂ නීති සම්පාදකයින් 11 දෙනෙකු ඇයට සිය අදහස් ප‍්‍රකාශ කිරීමට ඉඩනොදී බාධා  එල්ලකර තිබෙනවා. නීති සම්පාදකයින් පිරිස දිගින් දිගටම විධායකයට විරෝධය එල්ල කිරීම හමුවේ ඔවුන් පාර්ලිමේන්තුවෙන් ඉවතට ගෙන යාමටයි ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණේ. 

හොංකොං පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් පමණක් විපක්ෂ නීති සම්පාදකයින් හට පැවතුනත් ඔවුන් එල්ල කළ විරෝධතාවයෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලට දැඩිව බාධා එල්ල වුණා.

විධායක කැරී ලෑම් එම ධූරයට නුසුදුසු බව පැවසූ විපක්ෂ නීති සම්පාදකයින් ඇයට එරෙහිව සභාව වෙත සුදු මල් ද රැුගෙනවිත් තිබුණා. ඉකුත් දිනකදී ද විධායක කැරී ලෑම් පාර්ලිමේන්තුවේ අදහස් පළ කිරීමේදී විපක්ෂය ඊට බාධා එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

හොංකොං රජයට එරෙහිව මාස ගණනාවක් පුරා එරට වැසියන් විරෝධතාවයේ නිරත වනවා. ඒ හමුවේ රට තුළ දැඩි දේශපාලන අර්බුදයක් ද හටගෙන තිබෙනවා.