Friday, March 29, 2024

General line - 0115112241

අණ නොතකා පළා ගිය සුඛෝපභෝගී ජිප් රියට නාවික හමුදාවෙන් වෙඩි




සුඛෝපභෝගි වාහනයකින් කේරළ  ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියෙක් ඇතුළු තවත් සැකකරුවෙකු නාවික හමුදාව විසින් මන්නාරම ප්‍රදේශයේදි අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සදහන් කලේ මන්නාරම, ඉලුප්පායිකඩවායි මාර්ගයේ පිහිටා ඇති නාවික හමුදා මාර්ග බාධකයේදි අද (19) අළුයම මෙම අත් අඩංගුවට ගැනිම සිදුකර ඇති බවයි.

මෙහිදි මාර්ග බාධකයේ රාජකාරියේ යෙදි සිටි නාවික හමුදාවේ නිලධාරින් විසින් එම සුඛෝපභෝගී වාහනයට මාර්ග බාධකයේදි නවත්වන ලෙස අණ කලත් එම අණ නොතකා පළා යාමට තැත් කළ බවත් එහිදි වාහනයේ ටයර් වලට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරිමට සිදුවු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

අත් අඩංගුවට ගනු ලැබු සුඛෝපභෝගී ජිප් රථයේ තිබි කේරළ ගංජා කිලෝග්‍රෑම් 180ක් සොයා ගෙන ඇති අතර අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මැදගම පොලිසියට අනියුක්තව සේවය කරනු ලබන පොලිස් නිලධාරියෙක් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කරුණු සදහන් කර සිටියේ.

පොලිස් නිලධාරියා එම අවස්ථාවේදි සිය නිල ඇදුමෙන් සැරසි සිට ඇති බවත් ඔහු වාහනයේ ඉදිරිපස මගී ආසනයේ සිටි බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.