Saturday, April 20, 2024

General line - 0115112241

ඉසුර ඉවත් නොකළ බව ශ්‍රීලනිපය කියයි




බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී කිසිවක් සාකච්ඡා නොවූ බව එම පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසනවා. 

එවැනි තීන්දුවකට එළඹෙන්නේ නම් එය සිදුකළ යුත්තේ මධ්‍යම කාරක සභාවේ එකඟතාවකට අනුව බවයි ඔහු සදහන් කළේ.

බස්නාහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහරගම ආසන සංවිධායක ධුරයෙන් සහ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කර ඇති බවට පළ වූ පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීරද අදහස් පළ කළා. 

ඒ, ඊයේ පැවති එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුවයි.