Wednesday, April 24, 2024

General line - 0115112241

මැතිව්ස්ට නැවතත් කණ්ඩායමට පැමිණීමට බාධාවක් නැති බව මාලිංග කියයි




දක්‍ෂතා අතර සිටියහොත් ඇන්ජලෝ මැතිව්ස්ට කණ්ඩායමට එක්වීමට කිසිදු බාධාවක් නොමැති බව ශී‍්‍ර ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නිත්‍ය නායක ලසිත් මාලිංග පවසනවා. 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මේ අතර තරග 3 කින් සමන්විත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියකට සහභාගිවීම සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම හෙට දිනයේ  ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව යාමට නියමිතයි. 

ශී‍්‍ර ලංකා -  ඕස්ටේ‍්‍රලියා පළමු පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ලබන 27 වනදා ඇඩිලේඞ්හිදී පැවැත්වෙනවා.