Thursday, March 28, 2024

General line - 0115112241

බඹර ප්‍රහාරයෙන් වතු කම්කරුවන් 19ක් තුවාලයි

රංජිත් රාජපක්ෂ - හැටන්




තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරුවන් 19 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත අද (19) ඇතුලත් කල බව බගවන්තලාව පොලිසිය සඳහන් කර සිටියි.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් එන් සි තේ කොටසේ විශාල ගසක් මත බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිමෙන් ඇවිස්සුනු බඹරුන් අද  (19) දහවල් 12 ට පමණ තමන්ට පහර දුන් බවයි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.

ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.