Friday, March 29, 2024

General line - 0115112241

මූල්‍ය අර්බුදයක් නිසා ජගත් සංවිධානයේ මූලස්ථානය වසා දමයි




අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානය සති අන්තයේදි වසා දැමිමට තීරණය කර තිබෙනවාග ඒ අනුව නැවත දැනුම් දෙනතුරු සති අන්ත සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදි සිය මූලස්ථානය වසා තැබෙන බවයි ට්ටිටර් පණිවිඩයක් මගින් එක්සත් ජාතින්ගේ සංවිධානය පවසා ඇත්තේ.

මතුව ඇති මූල්‍ය අර්බුදයක් හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය මෙලෙස සිය මවු ශාඛාව වසා දමන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔබේ රට නියමිත වාර්ෂික දායකත්වය ලබා දි ඇත්දැයි එක්සත් ජාතින්ගේ සංවිධානය සිය සාමාජික රටවලින් විමසා ඇති බවද විදෙස් මාධ්‍යන්හි සදහන්. 

එක්සත් ජාතින්ගේ සංවිධානය සාමාජික රටවල් 193 කින් සමන්විත වනවා. ඉන් රටවල් 131 ක් පමණක් සිය වාර්ෂික සාමාජික මුදල නිසිපරිදි පියවා ඇති බවයි වාර්තා වන්නේ. මුල්‍ය දායකත්වය නොගෙවු රටවල් අතරට කැනඩාවල සිංගප්පූරුවල ෆින්ලන්තයල නවසිලන්තය සහ නෝර්වේ රාජ්‍ය වැනි දියුණු රටවල් ද අයත්. එක්සත් ජාතින්ගේ සංවිධානය මෙලෙස දරුණු මුල්‍ය අර්බදයකට ලක්ව සිටින්නේ දශකයක පමණ කාලයක සිටයි. ඒ හමුවේ එම සංවිධානයේ මෙහෙයුම් කටයුතු මෙන්ම සේවක වැටුප් ගෙවිම්ද අර්බුදකාරිත්වයකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.