Friday, April 26, 2024

General line - 0115112241

වසර 37 කට පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඓතිහාසික සැසියක්




බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඓතිහාසික සැසියක් මේ වන විට පැවැත්වෙනවා. ඒ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධවයි. වසර 37 කට පසුව සෙනසුරාදා දිනකදි  මෙලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව රැස්වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ඒ හේතුවෙන් අද (19) පැවැත්වෙන බ්‍රෙක්සිට් විවාදය හැඳින්වෙන්නේ සුපර් සැටඬේ ලෙසයි.  

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්විම හෙවත් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සදහා තමන් ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තු සභිකයින්ගේ අනුමැතිය ලබා ගැනිමේ බලාපොරොත්තුවෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද සැසියට සහභාගි වනවා. ඒ අනුව ඔහු පැය 2 ක් පුරා මන්ත්‍රීවරැන්ගෙන් ගැටලු විමසූ අතර ඒවාට පිලිතුරු සැපයීමට ද නියමිතයි. ඉන් අනතුරැව රජයේ බ්‍රෙක්සිට් යෝජනාව සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ විවාදය පැවැත්විමට නියමිතයි. 

අනතුරැව විශේෂ ඡන්ද විමසිමක් ද පැවැත්වෙන අතර යුරෝපා සංගමයේ සාමාජිකත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් එහිදී තිරණයකට එලබෙනු ඇති‘. 

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ යෝජනාවට අනුව එළඹෙන 31 වනදා බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්විය යුතු වනවා. සිය බ්‍රෙක්සිට් යෝජනාවලිය සදහා සහය ලබා දෙන ලෙසයි අග්‍රාමාත්‍යවරයා අද ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු සැසියේදී මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේ. 

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පාර්ලිමේන්තුවේ සහය ලබා ගැනීමට නම් ඔහුගේ බ්‍රෙක්සිට් යෝජනාවන්ට පක්ෂව මන්ත්‍රීවරුන් 320 දෙනෙකු සිය ඡන්දය ලබා දිය යුතු වනවා.