Wednesday, April 24, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය අගමැති සිය අත්සනින් තොරව ලිපියක් යොමු කරයි




බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, සිය අත්සනින් තොරව බ්‍රෙක්සිට් ඉල්ලීමක් ඇතුළත් ලිපියක් යුරෝපා සංගමය වෙත යොමු කර තිබෙනවා. ලිපිය යොමුකර ඇත්තේ යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් වෙතටයි.

ඔක්තෝම්බර් 31 වැනිදාට නියමිතව තිබූ බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීම හෙවත් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය එම දිනයෙන් ඔබ්බට තවත් ප‍්‍රමාද වන බවයි එම ලිපියේ දැක්වෙන්නේ. ඒ අනුව එළඹෙන 2020 වසරේ ජනවාරි මස අවසන් භාගය වන තෙක් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සඳහා කාලය ලබාදෙන ලෙස බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේවෙතත් අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ මෙය හුදෙක් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ තීරණයක් මිස, සිය පෞද්ගලික තීරණයක් නොවන බවයි. 

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඊයේ පැවැති ඓතිහාසික විවාදයෙන් පසු පැවැති ඡන්ද විමසීමේදී මන්තී‍්‍රවරුන් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය සඳහා ලෙට්වින් සංශෝධනය වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කළා. ඒ අනුව එම සංශෝධනයට පක්ෂව ඡන්ද 322 ක් හිමිවූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 306 ක් පමණයි. ඒ අනුවයි බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය මෙලෙස තවදුරත් කල්දැමීමට බි‍්‍රතාන්‍ය තීරණය කළේ.