Friday, March 29, 2024

General line - 0115112241

එක් ලකුණකින් ප්‍රංශයේ රග්බි ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි




ලෝක කුසලාන රග්බි තරඟාවලියේ උණුසුම තවත් වැඩි කරමින් ප්‍රබල ප්‍රංශ කණ්ඩායම එක් ලකුණකින් පරාජය කර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට වේල්සය අද (20) සමත් වුණා. තරඟයේ අවසන් ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 20 ට 19 ක් ලෙසයි. 

වේල්සය රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් තුන් වන අවස්ථාව මෙය වනවා. මීට පෙර පැවති තරගාවලි අටෙන් හයකදීම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් ප්‍රංශය මෙවර තරඟාවලියෙන් ඉවත් වීම කැපී පෙනෙන සිද්ධියක්. 

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ප්‍රංශය ලකුණු 19 ට 10 ක් ලෙස ඉදිරියෙන් සිටිය ද තරගයේ 75 වන විනාඩියෙන් පසු වේල්සය ක්‍රමයෙන් ඉදිරියට පැමිණ සිය ලකුණු සංඛ්‍යාව 20 ක් දක්වා වැඩි කරගත්තා. ඒ වනවිට තරඟය නිම වීමට විනාඩි 05 ක් පමණක් ඉතිරිව තිබූ අතර එම කාලය ද ආරක්ෂා කර ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට වේල්ස් ක්‍රීඩකයින් සමත් වුණා.

මේ අතර පෙරළිකාර ජපාන කණ්ඩායම පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව ද අද පස්වරුවේ සමත් වුණා. අවසන් ලකුණු පුවරුව දැක්වුණේ ලකුණ 03 ට 26 ක් ලෙස දකුණු අප්‍රිකාවට ජය ගෙන දෙමින්.