Thursday, April 25, 2024

General line - 0115112241

පක්ෂයේ අනාගතය වෙනුවෙන් තීරණ ගත යුතුයි




ජන සටන පාද යාත‍්‍රාවට එක් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයන්ට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගන්නේ දැයි මාධ්‍යවේදීන් එහි මහලේකම් දුමින්ද දිසානායකගෙන් අද (01) ප‍්‍රශ්න කළා.

එහිදී හෙතෙම පැවසුවේ පා ගමනක් යෑම ස්වාධීන අයිතියක්වීමේ හැකියාව තිබුණද පක්ෂයේ අනාගතය වෙනුවෙන් තීරණයක් ගැනීම පක්ෂයට අයිති කටයුත්තක් බවයි. කෙසේවෙතත් මෙම තත්ත්වය පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කරන බවත් පැවසුවා.