Friday, April 19, 2024

General line - 0115112241

ජම්මු කාශ්මීර කලාපයේ ත්‍රස්තවාදීන් ඉලක්ක කර ඉන්දියාවෙන් ප්‍රහාරයක්




ජම්මු කාශ්මීර කලාපයේ තන්දාර් ප‍්‍රදේශයේ පිහිටි හඳුනාගත් ත‍්‍රස්ත ඉලක්ක වෙත සාර්ථකව ප‍්‍රහාර එල්ල කළ බව ඉන්දීය හමුදාව පවසනවා.

එම ප‍්‍රහාර හමුවේ තන්දාර් ප‍්‍රදේශයේ පිහිටි ත‍්‍රස්ත කඳවුරු 03 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ඉන්දීය හමුදා ප‍්‍රධානී බිපින් රාවට් ප‍්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම පාකිස්තාන හමුදා සාමාජිකයින් 06 දෙනෙකු සහ ත‍්‍රස්ත සාමාජිකයින් කිහිපදෙනෙකු ද ප‍්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්. ත‍්‍රස්ත සාමාජිකයින් පිරිසක් අදාළ කඳවුරු වෙත ළගාවෙමින් සිටින බවට ලද බුද්ධි තොරතුරු වලට අනුව මෙම ප‍්‍රහාර එල්ල කළ බවයි ඉන්දීය හමුදාව පවසන්නේ. 

ඉන්දීය හමුදාව මෙලෙස ත‍්‍රස්ත කඳවුරු ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කළේ ජම්මු කාශ්මීර දේශසීමාව ඉලක්ක කර පාකිස්තානය එල්ල කළ ප‍්‍රහාරයකින් ඉන්දීය හමුදා සෙබළුන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් මියගොස් දේපළ රැසක් විනාශ වීමෙන් අනතුරුවයි.