Thursday, March 28, 2024

General line - 0115112241

ඉන්දීය පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකාව අසීරු අඩියකට




ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 8 කට ලකුණු 132 ක් ලබා අසීරු තත්ත්වයක පසු වුණා. ඒ අනුව ඉනිමක පරාජයෙන් ගැලවීම සදහා කඩුළු 2 ක් අතැතිව සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම තවත් ලකුණු 203 ක් ලබාගත යුතු වනවා.

ඉන්දීය කණ්ඩායම මෙම තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 9 කට ලකුණු 497 ක් රැස් කළා. දකුණු අප්‍රිකාව පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 162 ක් පමණයි.