Friday, April 19, 2024

General line - 0115112241

කාණු පද්ධති නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් නිවාස රැසක වැසි ජලය (PHOTOS)

ප්‍රියංකර කළුපහන




මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ නිවාස රැසක් වැසි ජලයෙන් යටවීම නිසාවෙන් ජනතාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටිනවා.

ප්‍රදේශවාසීන් පුත්තලම නගර සභාවේ නගරාධිපති ඇතුළු පිරිසට දැඩි දෝෂාරෝපණය එල්ල කරමින් කියා සිටින්නේ කාණු පද්ධති නිසි ලෙස පිරිසිදු නොකිරීම මෙම වැසිවතුර තත්ත්යට බලපා ඇති ප්‍රධාන හේතුව බවයි.

මේ අතර දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුල්ල දිස්ති‍්‍රක්කවලට නිකුත් කර ඇති නායයාමේ අවදානම් නිවේදනය අද පස්වරු 4.00දක්වා දීර්ඝ කර ඇති බවයි. 

මේ අතර උතුර, බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ අනුරාධපුර දිස්ති‍්‍රක්කවලත් අද දිනයේද තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.

(පුත්තලම තිල්අඩිය ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති අයුරු)