Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අවසන් වටයට සුදුසුකම් ලබයි




චීනයේ පැවැත්වෙන ලෝක ආරක්‍ෂක කී‍්‍රඩා උළලේ අද (22) පැවති මළල කී‍්‍රඩා ඉසව් කිහිපයකින් අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා.

පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයකට එක්වූ අරුණ දර්ශන එහි ප‍්‍රථම ස්ථානය හිමිකර ගනිමින් එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ තත්පර 47.05ක දක්‍ෂතාවක් වාර්තා කරමින්.

මේ අතර අද උදෑසන පැවති මීටර් 400 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයකට එක් වූ නදීෂා රාමනායකද එම ඉසව්වේ අවසන් තරගයට අද සුදුසුකම් ලබාගත්තා. ඇය සිව් වැන්නා ලෙස තරගය නිම කළේ තත්පර 53.87 ක දක්‍ෂතාවක් වාර්තා කරමින්. 

මේ අතර කෙටි දුර ධාවන ශූර හිමාෂ ඒෂාන් සහ චානුක සංදීපද මීටර් සියය ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමටද අද සමත් වුණා.