Thursday, April 25, 2024

General line - 0115112241

ගංඟා ජලමට්ටම ඉහළට - දිස්ත්‍රික්ක 04 ක් නායයාම් අවධානමේ




පවතින වැසි සහිත කාලගුණයත් සමග ගංඟා සහ ජලාශවල ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. එබැවින් ජනතාව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ. 

පවතින වැසි තත්ත්වයත් සමග රත්නපුර, කෑගල්ල, කලුතර සහ බදුල්ල යන දිස්ත්‍රික්ක තවදුරටත් නයායාම් අවධානමේ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය ඇදහැලී ඇත්තේ ගම්පහ කිරිඳිවැල ප්‍රදේශයටයි. එහි අගය මිලි මීටර් 132 ක්. රත්නපුර, ඇහැළියගොඩ ප්‍රදේශයට මිලි මීටර් 130 ක වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා.