Thursday, April 25, 2024

General line - 0115112241

රාජකාරී මුර කුටියේදී සෙබලෙක් පපුවට වෙඩි තබාගෙන සියදිවි නසා ගනී




රාජකාරියේ යෙදෙමින් සිටි යුද හමුදා සෙබලෙකු සිය T56 රාජකාරී ගිනි අවියෙන් පපුවට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

රාජකාරී මුර කුටිය තුළදීම මෙම සෙබලා විසින් වෙඩි තබාගෙන ඇති අතර ඒ ඊයේ (22) සවස 4.00ට පමණ.

වැලිකන්ද පොලිස් වසමේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුණරුත්තාපන මධ්‍යස්ථානයේ මෙම සෙබලා රාජකාරී කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වයස අවුරුදු 19ක් වන ඔහු කිරිඉබ්බන්වැව සෙවනගල ප්‍රදේශයේ පදිංචි මදුෂාන් ප්‍රේමකුමාර නැමැත්තෙක්.

සෙබලා වෙඩි තබාගෙන සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.