Saturday, April 20, 2024

General line - 0115112241

විනයගරුක ආණ්ඩුවක් අවශ්‍ය බව ගෝඨාභය පෙන්වයි




වත්මන් ආණ්ඩුව විසින් බිඳහෙලනු ලැබූ මෙරට ආරක්ෂාව යළි ශක්තිමත් ලෙස ගොඩනගන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අකාර්යක්ෂම කර ඇති ආරක්ෂාවට සම්බන්ධ ආයතන යළිත් නිසිපරිදි කි‍්‍රයාත්මක කරලීම සඳහා පියවර ගන්නා බවයි. 

උසස් පෙළ සමත් වන සියලූ සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීමට ඇති සැලසුම සම්බන්ධයෙන් ද ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැහැදිළි කළා.  

එහිදී "නිපුනත්වයක් ලබා දුන්නොත් ඕනෑ තරම් රැකියා උත්පාදනය කරන්න පුළුවන්. හැබැයි ආර්ථිකය දියුණු කිරීමට සුරක්ෂිත රටක් ඕනේ. විනයගරුක ආණ්ඩුවක් තිබෙන්නට ඕනේ." යනුවෙන්ද සඳහන් කළා.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළකළේ කඩුවෙල ඊයේ (22) රාති‍්‍රයේ පැවැති ජනරැළියක් අමතමින්. මෙම ජනරැළිය සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වුණා. ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ කි‍්‍රයාකලාපය හේතුවෙන් පාරිභෝගික ජනතාව මත අධික බදු බරක් පැටවී ඇති බවයි. 

වත්මන් ආණ්ඩුවට රට පාලනය කිරීමට නොහැකි බවට දැනටමත් ඔප්පු කර අවසන් බව විපක්ෂ නායකවරයා මෙහිදී ප‍්‍රකාශ කළා. 

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වන්නේ රටගොඩනැගිය හැකි කණ්ඩායමක් සමග බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.