Saturday, April 20, 2024

General line - 0115112241

ජනතාවට දෙන්න බැරි වූ සහන ඉදිරි ආණ්ඩුවෙන් වැඩිකර දෙන බව ඇමති රවී කියයි




ජනතාවට ලබාදීමට තිබූ ඇතැම් සහන ජනතාවට ලබාදීමට නොහැකි වූ බවත්, ඉදිරි ආණ්ඩුවකදී ජනතා සහන වැඩිකිරීමට සැලසුමක් ඇති බවත් කොළඹ පැවැති ජනහමුවකදී අමාත්‍ය රවී කරුණානායක පැවසුවා. 

එහිදී "2015 ජනවාරි මාසයේ අපි ලබා ගත්ත ජයග්‍රහණය තුළ ජනතාවට ලැබෙන්න තිබුණු ප්‍රතිලාභ ලැබුණේ නැති බව අපි පිළිගන්නවා. අපි අවුරුදු දෙක තුනක් හරියාකාරව ගෙනිච්චා..ඊට පස්සේ ප්‍රතිපත්ති ප්‍රශ්න ඇති වුණා. මේ ගැන කියන්න අවශ්‍ය නැහැ. ජනතාව දන්නවා. ඒ නිසා තමයි අගමැතිතුමා තීන්දු කළේ මේ ගමන එක්සත් ජාතික පක්ෂයේ අපේම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා ඒ ජනාධිපතිකම දිනාගෙන ඒ කරන්න බැරි වුණු දේ ජනතාවට ලබා දෙන්න." යනුවෙන් සඳහන් කළා.