Thursday, April 25, 2024

General line - 0115112241

ප්‍රසිද්ධ විවාදයකට එන්න : සජිත් ගෙන් ගෝඨාභයට අභියෝගයක්




සියලුම රට වැසියන්ට දැකබලා ගත හැකි ආකාරයට රූපවාහිනිය හමුවේ සජිවි විවාදයකට පැමිණෙන ලෙස ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට තමන් අභියෝග කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර සිටිනවා.

සිය නිල ටිවිටර් ගිණුම තරහා නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටින්නේ.

ජන්ද දායකයින් ඉදිරියේ තම ප්‍රතිපත්ති හා දර්ශනයන් සම්බන්ධයෙන් එකිනෙකාට මෙහිදි ප්‍රසිද්ධියේම අදහස් ප්‍රකාශ කිරිමට හැකි බවයි.

ශක්තිමත් අපේක්ෂකයෙකු තම ප්‍රතිවාදියා සමඟ ලේඛණගත නොකරන ලද අදහස් හුවමාරුවක යෙදීමට බිය විය යුතු නැති බවයි මෙහිදි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.