Friday, March 29, 2024

General line - 0115112241

පස් වසරකට හිරේ දැමු හම්බන්තොට නගරාධිපතිට ඇප ලැබේ 

රාහුල් සමන්ත




හම්බන්තොට වරාය පරිශ්‍රයේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසකට ගිනි අවි පෙන්වා බිය වැද්දීම සම්බන්ධයෙන් පස් වසරක සිර දඬුවම් නියමව සිටි හම්බන්තොට නගර සභාවේ නගරාධිපති  එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට හම්බන්තොට මහාධිකරණය අද (23) නියෝග කළා.

නගරාධිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ ගොනු කරනු ලැබූ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස ඔහුට ඇප නියම කිරීමටයි නියෝග කර ඇත්තේ.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ශරිර ඇප 05 ක් යන ඇප කොනේදේසි සම්පුර්ණ කිරීමෙන් අනතුරුව චුදිතයාට ඇප ලබා දෙන ලෙසයි හම්බන්තොට මහාධිකරණය නියෝග කර ඇත්තේ.