Friday, March 29, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් නිර්දේශ 8 ක්




පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ආරක්‍ෂක සහ බුද්ධි අංශවල අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇතුළු නිර්දේශ 8 ක් එම වාර්තාව මගින් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදි විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. එහිදී කරුණු දැක්වූ එම විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි.

මෙම වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පැහැදිලි කෙරුණා.

පසුගිය මැයි මාසයේ සිට ඔක්තෝම්බර් දක්වා කාලය තුළ මෙම කාරක සභාව අවස්ථා 24කදී රැස්වූ අතර පුද්ගලයින් 55 දෙනෙකුගෙන් සාක්‍ෂි විමසා තිබෙනවා.