Thursday, April 25, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියානු අගමැති ක්‍රිකට් තරගයක අතිරේක ක්‍රීඩකයා වූ හැටි (PHOTOS)




ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ කණ්ඩායම අතර අද (24) පැවති විස්සයි 20 පුහුණු තරගයේදී ඕස්ට්‍රේලියානු පිලේ අතිරේක ක්‍රීඩකයා ලෙස එරට අගමැති ස්කොට් මොරිසන් කටයුතු කරනු ලැබුවා. 

ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පිටියේ පන්දු රැකි සිය කණ්ඩායමේ ක්‍රීඩකයින්ට බිමට අවශ්‍ය ජලය සහ අනෙකුත් අවශ්‍ය දේවල් රැගෙන අවස්ථා කිහිපයකදීම ක්‍රීඩාංගනය තුලට පැමිණෙන අයුරු දක්නට ලැබුනා. එමෙන්ම තරගයේ සජීවී විස්තර කථනයට එක්වූ ඔහු ප්‍රකාශ කලේ "කැනබරා වැසියන් ක්‍රිකට් ක්‍රීඩාවට බෙහෙවින් ඇළුම් කරන බවයි".

ඉදිරියේදී සිඩ්නි හිදී පැවැත්වීමට නියමිත පකිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයට සහභාගිවීමට තමන් බලාපොරොත්තුවන බවයි මෙහිදී අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර සිටියේ.