Thursday, April 18, 2024

General line - 0115112241

රග්බි ලෝක කුසලානයේ උණුසුම්ම තරඟය අද




ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (26) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, ලොව ප‍්‍රබලතම රග්බි කණ්ඩායම් දෙකක් වන එංගලන්තය සහ නවසීලන්තය අතරයි. 

මෙම කණ්ඩායම් දෙක රග්බි ශ්‍රේණිගත කිරීම්හි ප්‍රථම හා දෙවන ස්ථාන දිනා සිටිනා ලොව ප්‍රබලතම කණ්ඩායම් දෙක වීම හේතුවෙන් බොහෝ දෙනා මෙම තරගය හඳුන්වා දී ඇත්තේ රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගය ලෙසටයි.

නවසීලන්ත කණ්ඩායම මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී අයර්ලන්තය ලකුණු 46ට 14ක් ලෙස පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. 

එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයේදී ලකුණු 40ට 16ක් ලෙස ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම පරාජයට පත් කළා. මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 1. 30ට පමණ ආරම්භ වීමට නියමිතයි.  

මෙම තරගාවලියේ අර්ධ අවසන් වටයේ අනෙක් තරගය හෙට (27) පැවැත්වීමට නියමිතයි. වේල්සය සහ දකණු අපි‍්‍රකාව එහිදි තරග වදිනවා.