Thursday, April 25, 2024

General line - 0115112241

රග්බි ලෝක කුසලානයේ දෙවන අවසන් පුර්ව තරගය අද




රග්බි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජපානයේ යොකහමා ක්‍රීඩාංගනයේදී අද (27) පැවැත්වෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ වේල්සය අතරයි. මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 02.30ට ආරම්භවීමට නියමිතයි.

වේල්සය රග්බි ලෝක කුසලනා තරගාවලියක අවසන් පූර්ව තරගයකට එක්වන්නේ වසර 32 කට පසුවයි. දකුණු අප්‍රිකාව මීට පෙර අවස්ථා 02 කදී රග්බි ලෝක ශූරයන් බවට පත්ව තිබෙනවා. ඊයේ (26) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ලොව අංක එකේ රග්බි කණ්ඩායම වන නවසීලන්තයට එරෙහිව පෙරළිකාර ජයක් වාර්තා කරමින් එංගලන්තය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.