Friday, March 29, 2024

General line - 0115112241

ජනපති යළි දිවයිනට

ටී කේ ජී කපිල




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ  සිය නිල සංචාරය නිමා කර ඊයේ (27) දින රාත්‍රියේ යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ජනාධිපතිවරයා ජපානය බලා පිටත්ව ගියේ එරට අධිරාජ්‍යයා ලෙස අලුතින් පත් වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගිවීම සදහායි.

ජනාධිපතිතුමා සමග 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරය සඳහා සහභාගී වී සිටියා.

මෙම පිරිස ඊයේ දින රාත්‍රී 11.35   ට සිංගප්පූරුවේ  සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.