Friday, March 29, 2024

General line - 0115112241

ISIS සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශ ඉලක්ක කර ප්‍රහාරයක්




ISIS සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස කටයුතු කළ අබු හසන් අල් මුහාජීර් නමැත්තා ද සිරියාවේදී ඝාතනයට ලක්ව ඇති බව එරට කි‍්‍රයාත්මක කුර්දි කැරලිකරුවන් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ IS නායක අබු බකාර් අල් බක්ඩාඩි මියගොස් පැය කිහිපයකින් අනතුරුව එල්ල වුණු අමෙරිකානු ගුවන් ප‍්‍රහාරයකින් අබු හසන් අල් මුහාජීර් ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔහු ගමන් ගනිමින් සිටි රථ පෙළක් ඉලක්ක කර මෙම ගුවන් ප‍්‍රහාරය එල්ල කර තිබුණා. අබු හසන්, IS නායකයාගේ සමීපතමයා ලෙස සැලකෙන අතර ඔහුගේ දකුණු අත ලෙසයි ප‍්‍රකට වී සිටියේ.

අබු හසන් අල් මුහාජීර් ද ඇතුළුව IS සංවිධානයේ ප‍්‍රබලයින් 05 දෙනෙකු සිරියාවේ ඉඞ්ලිබ් ප‍්‍රදේශයට අමෙරිකාව එල්ල කළ ප‍්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.