Friday, April 19, 2024

General line - 0115112241

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

අධිකරණ වාර්තාකරු




මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නිකුත් කළ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 10 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියෝග කළා .

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද කැඳවු අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කරන ලදී.

ඒ අනුව මෙම පෙත්සම් ඉදිරි දින අගවිනිසුරුවරයා ප්‍රමුඛ පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට යොමු කරන බව විනිසුරු බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද පවසා සිටියා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට බන්ධනාගාර කොමසාරිස්වරයා, නීතිපතිවරයා අධිකරණ ඇමතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.