Friday, March 29, 2024

General line - 0115112241

මහින්ද සීයා කෙනෙක් වෙයි




හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා.

අද (30) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී මෙලෙස පුංචි පුතෙකු රාජපක්ෂ පවුල වෙත එකතු වී තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මව සහ පුංචි පුතා යන දෙදෙනාම සුවයෙන් පසුවන බවයි.