Saturday, April 20, 2024

General line - 0115112241

ගෝඨාභයට එරෙහි වීඩියෝවක් නිකුත් කිරීමේ කුමන්ත‍්‍රණය පිටුපස ප‍්‍රබල ඇමතිවරයෙක් සිටින බව කියයි




ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව වීඩියෝවක් නිර්මාණය කිරීමේ කුමන්ත‍්‍රණය පිටුපස වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරයෙකු සිටින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් සොයිසා පවසනවා. ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (29) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහන එක්වෙමින්. 

එහිදී "ගොබෙල්ස් කියන්නේ කවුද කියලා ඔබ දන්නවා අති. ඒ ගොබෙල්ස් විසින් මාධ්‍ය බලකායක් හදලා තියෙනවා. ඒ බලකාය විසින් විවිධාකාර ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. ඒවා හැම ග්‍රාමසේවා වසමකම එක්කෙනා ගානේ දාලා ලැප්ටොප් එක ගානේ දීලා රට පුරා විදිහිච්ච මඩ ප්‍රචාරක යාන්ත්‍රණයක් තියෙනවා.. මේ ගොබෙල්ස් ළඟ. ගොබෙල්ස් ඉන්නේ මාතර. " යනුවෙන් ද සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ඊයේ ප‍්‍රකාශ කළේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත පාස්කු ප‍්‍රහාරයේ වගකීම පැවරීම මෙම වීඩියෝව නිර්මාණය කිරීමේ කුමන්ත‍්‍රණයේ අරමුණ බවයි.

තවත් ප‍්‍රධාන සිද්ධීන් කිහිපයකට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ කිරීමට ද සැලසුම් සකස් කරමින් ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

මේ අතර ජනාධිපති ධූර අපේ්ක්ෂකයෙකුට සහය දක්වන ලෙසට රාජ්‍ය මාධ්‍ය ආයතනයක ප‍්‍රධානියෙකු එහි සේවකයින් හට ඊයේ රාති‍්‍රයේ ලිපියක් නිකුත් කර ඇති බවට ද වාර්තා පළ වනවා. 
 

(ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.)