Thursday, April 25, 2024

General line - 0115112241

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බි‍්‍රතාන්‍ය සූදානම් වෙයි




එළඹෙන දෙසැම්බර් මස 12 වැනිදා හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට බි‍්‍රතාන්‍ය සූදානම් වනවා. විදෙස් වාර්තා පැවසුවේ අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇති බවයි. 

යෝජනාවට පක්ෂව ඡන්ද 438 ක් ලැබී තිබෙනවා. විපක්ෂව හිමිව තිබුණේ ඡන්ද 20 ක් පමණයි. මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ ඉහළ මන්තී‍්‍ර මණ්ඩලය විසින් අනුමත කළහොත්, 1923 වසරින් පසු බි‍්‍රතාන්‍ය මහමැතිවරණයක් දෙසැම්බර් මාසයේදී පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙය වනවා. 

එළඹෙන මහමැතිවරණය හරහා සිය බ්‍රෙක්සිට් ප‍්‍රතිපත්තියට නව ජනවරමක් ලැබෙනු ඇතැයි අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අපේක්ෂා කරනවා. ඔහු තරයේ ප‍්‍රකාශ කර සිටියේ මේ මස 31 වනදායින් බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය නිමා කර බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්විය යුතු බවයි. එහෙත්, බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය තවත් මාස 03 කින් දීර්ඝ කිරීමටයි බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තීරණය කළේ. ඒ අනුව 2020 වසරේ ජනවාරි මස 31 වනදා බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් වෙන්වීමට නියමිතයි.