Wednesday, April 24, 2024

General line - 0115112241

ගෝඨාභය දින්නොත් එජාපයට තවත් වසර 30ක් යන තෙක් අවස්ථාවක් නැති බව ෆොන්සේකා කියයි




මෙවර මැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට ජයග්‍රහණය ලබා ගැනීමට ඉඩ දුන්නහොත් යළිත් තවත් වසර 25කට හෝ 30කට එක්සත් ජාතික පාක්ශික ආණ්ඩුවක් දකින්නට ලැබෙන්නේ නැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා.

එහිදී හෙතෙම සඳහන් කළේ "මේ මැතිවරණයේ දී අපි ගෝඨාභයට ජයග්‍රහණය දුන්නොත්..ඒ කියන්නේ අවුරුදු 25කට 30කට ආපසු එක්සත් ජාතික පක්ෂයක්.. එක්සත් ජාතික පාක්ශික ආණ්ඩුවක් දකින්න හම්බ වෙන්නේ නෑ. අපේ ජීවිත කාලයේදී අපිට දකින්න හම්බවෙන්නේ නෑ. එතකොට හරීන් ප්‍රනාන්දු වගේ අය ඉඳියි අවුරුදු 80ක් විතර වෙලා..එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකොට. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි දිනන්න ඕනේ. ඒ ජයග්‍රහණය අපිට සිකුරුයි." යනුවෙනි.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති රැළියක් අමතමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව සඳහන් කළා.