Friday, March 29, 2024

General line - 0115112241

සජිත් ජනපති වුණොත් අගමැති ලෙස කටයුතු කරන්නේ තමන් බව රනිල් කියයි




එළඹෙන ජනාධිපතිවරණයෙන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත්, අග‍්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන්නේ තමන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, අරලියගහ මන්දිරයේ අද (30) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහායි. එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙළට ද අග‍්‍රාමාත්‍යවරයා ලෙස තමන් නායකත්වය දෙන බවයි.