Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරඟාවලියේ ජය ඕස්ට්‍රේලියාවට




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග අද (30) පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය කඩුලු 09 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. මෙම තරඟයේ කාසියේ වාසිය හිමි කරගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 117 ක් පමණයි. කුසල් ජනිත් පෙරේරා ලකුණු 27 ක් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 21 ක් රැස් කළා. පන්දු යැවීමේදී ඇඩම් සම්පා ලකුණු 20 ට කඩුලු 02 යි. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 13 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 118 ක් රැස් කරමින් තරඟයේ ජය වාර්තා කළා. 

ඬේවිඞ් වෝනර් පන්දු 41 කදී නොදැවී ලකුණු 60 ක් රැස් කළා. ස්ටීවන් ස්මිත් පන්දු 36 කදී නොදැවී ලකුණු 53 යි. ලසිත් මාලිංග ලකුණු 23 කට එක් කඩුල්ලක් දවා ගත්තා. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර විස්සයි විස්ස තරඟාවලියේ ජය, තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදීම ඕස්ට්‍රේලියාවට හිමි වුණා.