Saturday, April 20, 2024

General line - 0115112241

Airtel Sri Lanka's Fastest වේග පන්දු යවන්නන්ට මොකද වුනේ ? (VIDEO)




ශ්‍රී ලංකාවේ අනාගත වේග පන්දු යවන්නන් සොයා යාමේ "Airtel Sri Lanka's Fastest" මෙහෙයුමේ අවසානය සනිටුහන් කරමින් මීළඟ පරම්පරාවේ දක්ෂතම වේග පන්දු යවන්නන් තිදෙනා නම් කිරීමේ එයාර්ටෙල් ලංකා ආයතනය විසින් පසුගියදා සිදුකරන ලැබුවා.

පුරා මාස 9 ක් පුරා දිස්ත්‍රික්ක 11 ක් ආවරණය කරමින්සිදුකරන ලද මෙම එයාර්ටෙල් ෆාස්ටස්ට් මෙහෙයුමේ මූලික අදියර සඳහා තරඟකරුවන් 10000 කට අධික පිරිසක් සහභාගි විය. 

ශ්‍රී ලංකාවේ යෝකර් රජු ලෙස විරුදාවලිය ලත් ලසිත් මාලිංග මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට මාවත් සකසා ගැනීමට මෙය හොද අවස්ථාවක් වූ බවයි.

එය සනාථ කරමින් පැයට කිලෝමීටර් 104 ක වේගයක් වාර්තා කරමින් කාන්තා විවෘත තරගයේ ජයග්‍රහණය ලැබීමට සමත්වූයේ මාලිංග ලෙස ප්‍රේක්ෂකයින්ගේ ආදර දිනු ශයනි සේනාරත්නට ශ්‍රී ලංකාවේ නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව දැනටමත් ලැබී ඇත.

එසේම අනෙකුත් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ට ශ්‍රී ලංකාවේ පිළිගත් ක්‍රීඩා සමාජ මගින් ඇරයුම් ලැබී ඇති අතර පැයට කිලෝමීටර් 141ක උපරිම වේගයක් වාර්තා කරමින් එයාර්ටෙල් ෆාස්ටස් හි සමස්ත ශුරතාව දිනු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ එෂාන් මාලිංග මේ වන විට CCC ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබයි.

එසේම 19 න් ඉහල කාණ්ඩයේ ශුරතාව හිමිකර ගත් පැයට කිලෝමීටර් 140 ක වේගයක් වාර්තා කළ මලිඳු ෂෙහාන් BRC ක්‍රීඩා සමාජය සඳහා ක්‍රීඩා කරනු ලබන අතර එහි අනු ශුරතාවය දිනු මොහොමඩ් ෆහිම් පොලිස් ක්‍රීඩා සමාජය සඳහා තෝරා ගෙන තිබේ.

19 න් ඉහළ කාණ්ඩය නියෝජනය කළ රසාංජන අරවීඳු ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජය සඳහා තෝරා ගෙන ඇති අතර රසාංජන සම්පත් බැංකු ක්‍රිකට් කණ්ඩායම සඳහා තේරී පත්වී තිබීම ද මෙහි විශේෂත්වයකි.

තවද 19 න පහළ කාණ්ඩය නියෝජනය කළ චිරාන් තීක්ෂණ සහ මලීෂදුරාන් BRC ක්‍රීඩා සමාජයට තේරීපත් වී ඇති අතර ඔවුන් තම පුහුණුවීම් කටයුතු මේ වන විටත් අරඹා තිබේ.

මෙහිදී පැයට කි.මි.134 ක වේගයක් වාර්තා කළ මොහමඩ් ආකීල් 19 න් පහළ කාණ්ඩයේ අනුශූරතාව දිනා ගැනීමට සමත්වූ අතර කාන්තා විවෘත අංශය නියෝජනය කළ19 හැවිරිදි ක්‍රීඩිකාවක වූ මල්ෂා මධුෂානි පැයට කි.මි.101 ක  වේගයක් සනිටුහන් කරමින් කාන්තා විවෘත අංශයේ අනු ශුරතාව දිනා ගැනීමට සමත්විය.