Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකානු ගිවිසුමට අත්සන් තැබිම නවත්වන්න : ජනපති දැනුම් දෙයි




ඇමරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සදහා ජනාධිපතිවරණයට පෙර අත්සන් නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර වෙත දුරකථන මාර්ගයෙන් අද (31) සවස දැනුම් දී තිබෙනවා.

අමෙරිකාව සමග අත්සන් තැබිමට නියමිත මෙම ගිවිසුම සම්බන්ධයෙන් පසුගිය කැබිනට් රැස්විමේදි අනුමැතිය හිමිවි තිබුණා.

කෙසේ නමුත් ජනාධිපතිවරයා මුල සිටම එම ගිවිසුම සදහා සිය විරෝධතාවය පළකර සිටි බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංච් මාර්ග සදහන් කලේ.

අද දහවල් පාර්ලිමේන්තු මන්ත්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවි මෙම මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරිම නවත්වන ලෙසට ඉල්ලීමක් කරනු ලැබුවා.

එහිදි ජනාධිපතිවරයා අදහස් දක්වමින් කියා ඇත්තේ කැබිනට් රැස්විමේදි මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම සදහා අනුමැතිය හිමිවුවත් ජනාධිපතිවරණය අවසන් වෙන තෙක් එය අත්සන් නොතබන ලෙස තමන් දැනුම් දුන් බවයි.