Friday, March 29, 2024

General line - 0115112241

මෙල්බර්න් පිටියේ ගෞරවයත් ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (01) සමත් වුණා. ඒ, දෙරට අතර පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරඟය කඩුලු 07 කින් ජය ගනිමින්. 

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුලු 06 ක් දැවී ලකුණු 142 ක් රැස් කළා. කුසල් ජනිත් පෙරේරා පන්දු 45 කදී ලකුණු 57 යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 04 කදී කඩුලු 03 කට ලකුණු 145 ක් රැස් කරමින් තරඟයේ ජය වාර්තා කළා. ඬේවිඞ් වෝනර් නොදැවී ලකුණු 57 යි. 

මෙම තරඟය පැවැත්වුණේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදීයි. ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී විස්සයි විස්ස තරග දෙකකට ක්‍රීඩා කර එම තරඟ දෙකම ජය ගෙන තිබෙනවා. ඒ අනුව එම අපරාජිත වාර්තාව ද මෙම තරඟයේදී ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියා.

............................................................

ඕස්ට්‍රේලියාවට එරෙහිව කුසල් ජනිත්ගෙන් අර්ධ ශතකයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර 3 වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙල්බර්න්හිදී මේ වනවිට පැවැත්වෙනවා. පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 17 ක් අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 111 ක් ලබා සිටියා. 

මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. පන්දු  45 කදී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 57 ක්.

............................................................

3 වන විස්සයි විස්ස තරගය ඇරඹෙයි - ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රකී

(01-11-2019 14:13)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර 3 වන විස්සයි විස්ස ක්‍රිකට් තරගය මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී මේ වනවිට පැවැත්වෙනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇරයුමෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 3ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 22 ක් ලබාසිටියා. නිරෝෂන් දික්වැල්ල ලකුණු නොලබා දැවී ගියා. 

ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ වෙනස්කම් 4 ක් සමගයි. ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, ඉසුරු උදාන සහ වනිදු හසරංග වෙනුවට භානුක රාජපක්‍ෂ, ඕෂධ ප්‍රනාන්දු, ලහිරු කුමාර සහ ෂෙහාන් ජයසූරිය අද තරගයට කැදවා තිබෙනවා.