Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාවේ අගනුවරට හදිසි තත්ත්වයක් (PHOTOS)




ඉන්දිය අගනුවර වන නව දිල්ලීයේ ඇතිවි තිබෙන වායු දුෂණය හේතුවෙන් එහි වාතය මිනිස් සෞඛ්‍යයට අහිතකර වීම නිසා හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඉකුත් දා සමරනු ලැබූ දීපවාලි උත්සවයේදී දල්වන ලද ගිණිකෙලි හේතුවෙන් දිල්ලි හි වායු දුෂණය වැඩිවී ඇති නිසාවෙන් බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. 

එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වායු දුෂණය සම්බන්ධයෙන් පත් කොට තිබෙන විශේෂ කමිටුවක් මගින් නව දිල්ලියේ සහ ඊට යාබද ප්‍රදේශ දෙකක් සදහා මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත්තේ.

මේ හේතුවෙන් නව දිල්ලියේ පාසල් වල ඉගෙනුම ලබන සිසුන් සදහා ආරක්ෂිත මුඛ ආවරණ මිලියන 05ක් බෙදා හැරිමට ඉන්දිය බලධාරින් පියවර ගනු ලැබුවා.

මේ අතර නව දිල්ලි හි සියලුම පාසල් නොවැම්බර් මස 05 වෙනිදා දක්වා වසා තැබීමට ප්‍රාන්ත මහ ඇමති අරවින්ද් කේජ්රිවාල් නියෝග කර තිබෙනවා. බලධාරීන් විසින් සියලුම පාසල් ප්‍රධානින් වෙත දැනුම් දී ඇත්තේ නොවැම්බර් මස 05 වෙනිදා දක්වා සියලුම ක්‍රීඩා කටයුතු සහ භාහිර ක්‍රියාකාරකම් වලට සිසුන් සහභාගී කිරීමෙන් වලකින ලෙසයි.

මේ අතර හෙට (03) දිනයේදී ආරම්භ වන බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ පළමු විස්සයි 20 ආරම්භක තරගය නව දිල්ලියේ අරුන් ජෙට් ලී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය සඳහා පුහුණුවීම් කටයුතු වල යෙදී සිටින බංග්ලාදේශ ක්‍රීඩකයින් සිය පුහුණුවීම් වලට එක්වී සිටියේ මුඛ ආවරණ පැළද ගෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ. 

මේ අතර පරිසර දුෂණය වැළැක්වීමේ සහ පාලනය කිරීමේ අධිකාරිය විසින් දිල්ලි හි සියලුම ඉදිකිරීම් කටයුතු ද නොවැම්බර් මස 05 වෙනිදා තෙක් අත්හිටුවන ලෙස අදාළ බලධාරීන් වෙත දනුම් දී තිබෙනවා. ඒ එම කළාපයේ පරිසරයේ ඇති වායුව දැඩිව දුෂණය වීම හේතුවෙන් මිනිස් සෞඛ්‍යයට අහිතකර මට්ටමට ලඟාවීම හේතුවෙන්ය.

එමෙන්ම ඉදිරියේදී එළඹෙන සිත සෘතුවේදී ගිණිකෙලි දැල්වීම සපුරා තහනම් කිරීමටයි පරිසර දුෂණය වැළැක්වීමේ සහ පාලනය කිරීමේ අධිකාරිය නියෝග කර ඇත්තේ.

පාසල් සිසුන් අතරේ මුඛ ආවරණ බෙදා දීමට එක්වෙමින් දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමති අරවින්ද් කේජිරිවාල් ප්‍රකාශ කර සිටියේ "නගරය ගෑස් කුටීරයක්" බවට පත්ව ඇති බවයි. හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්තයන් හි ගොවින් දහස් ගණනක් විසින් සිය කුඹුරු වල පිදුරු ගිනි තැබීම නිසා උතුරු ඉන්දියාව පුරා පරිසරයට එක්කරනු ලැබූ දුමාරයන් නිසා දිල්ලියේ වායු දුෂණයට තවත් ප්‍රධාන කාරණාවක් වී ඇති බවයි මහ ඇමතිවරයා චෝදනා කර සිටියේ.

ඉදිරි පැය 48 ක කාලය තුල නගරයේ වායු දුෂණය ඉහළ අගයක් ලෙසට පෙන්නුම් කරන්නේ නම් ට්‍රක් රථ පවා නගරය තුලට ඇතුල් කිරීමට තහනම් කිරීමට සිදුවන බවයි බලධාරීන් ප්‍රකාශ කර සිටියේ.

නගරයේ වායු දුෂණය හේතුවෙන් එළිමහන් ව්‍යායාම් කිරීම නතර කරනා ලෙසට බලධාරීන් විසින් නගර වැසියන්ට දැනුම් දී ඇත්තේ. එමෙන්ම කුඩා දරුවන්, වැඩිහිටි පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩි අවධානයෙන් පසුවන ලෙසට දැනුම් දී ඇත්තේ. 

ඇතිවී තිබෙන වායු දුෂණය සඳහා කඩිනම් පිළියම් සෙවීම සඳහා කටයුතු කරන අතරම සියලුම නගර වැසියන් තමන්ට හැකි පමණින් පරිසරය සුරැකීම සඳහා ඉදිරිපත් වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි පරිසර දුෂණ වැළැක්වීමේ අධිකාරිය දිල්ලි නගර වැසියන්ගෙන් ඉල්ලීමක් කරමින් ප්‍රකාශ කර සිටින්නේ.