Saturday, April 20, 2024

General line - 0115112241

හඳුනාගත නොහැකි මටටමේ හැඳුනුම්පත් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්




සිය ජාතික හැදුනුම්පත හෝ අනෙකුත් අනන්‍යතා පත්‍ර හදුනාගත නොහැකි මට්ටමක පවතින්නේ නම් එවැනි පුද්ගලයන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා තාවකාලික හැදුනුම්පත් ලබාගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

අනන්‍යතාවය හඳුනා ගැනීම මැතිවරණයේදී ජන්දය ප්‍රකාශ කිරීමේදී අත්‍යාවශ්‍ය කරුණක්. ඒ නිසා මැතිවරණය සඳහා අනන්‍යතාවය හඳුනාගැනීම සඳහා භාවිතා කරන ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය අපැහැදිලි නම් එම පුද්ගලයා විසින් තමන්ගේ ග්‍රාම සේවක නිලධාරියා මුණ ගැසී මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි එහි අධ්‍යක්ෂක ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියේ.

මෙම මස 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ රාජකාරී සදහා සම්බන්ධ වන නිලධාරීන් දැනුවත් කිරීමේ කටයුතු ඉදිරි දිනවලදී සිදු කෙරෙන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

දිස්ත්‍රික් මට්ටමින් එම නිලධාරීන් දැනුවත් කිරීමේ සහ එම පුහුණු කටයුතු මේ වන විට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් සිදුකරමින් සිටිනවා. එමෙන්ම ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන් සම්බන්ධයෙන් කොළඹදී ඊට අදාල පුහුණුවීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. දිස්ත්‍රික් මට්ටමේ ගණන් කිරීමේ නිලධාරීන් සම්බන්ධයෙන් අදාල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් පුහුණුවීම් කටයුතු සිදුකරන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.