Saturday, April 20, 2024

General line - 0115112241

"දෙමළ පක්ෂ සහය දෙන අපේක්ෂකයා ජය ගන්න පුද්ගලයාම විය යුතුයි"




ඉදිරි ජනාධිපතිවරණයේදී සහය ලබාදෙන්නේ කුමන අපෙක්ෂකයාට ද යන්න දෙමළ ජාතික සන්ධානය අද (03) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

දේශපාලන ආරංචි පැවසුවේ එම සන්ධානයේ දේශපාලන පක්ෂ නායකයන් අද වව්නියාවේදී රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.

කරුණු 13 කින් යුක්ත යෝජනාවලියක් දෙමළ ජාතික සන්ධානය ඉකුත් දා ප‍්‍රධාන ධාරාවේ ජනාධිපති ධූර අපේක්ෂකයින් වෙත ලබාදීමට ද කටයුතු කර තිබුණා. 

මේ අතර එළඹෙන ජනාධිපතිවරණයේදී සිය සහය හිමිවන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න ඉදිරි දින 02 තුළ ප‍්‍රකාශයට පත් කරන බවයි දෙමළ මහජන පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් පැවසුවේ.

දෙමළ පක්ෂ සහයෝගය ලබා දෙන අපේක්ෂකයා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන පුද්ගලයාම විය යුතු බව ද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.