Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම නම් කරයි




මෙවර නේපාලයේ පැවැත්වෙන 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලට එක්වන ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායම නම් කර තිබෙනවා.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කි‍්‍රඩිකාවන් 14 දෙනෙකු බර ඉසිලීමේ ඉසව්ව සඳහා සහභාගී වීමට නියමිතයි.

07 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස චමරි වර්ණකුලසූරිය කටයුතු කරනවා.

07 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ පිරිමි කණ්ඩායමේ නායකත්වය දරන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රිදී පදක්කම් ලාභී ඉන්දික දිසානායකයි.

13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල ලබන දෙසැම්බර් මස 01 වැනිදා නේපාලයේ කත්මණ්ඩු නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.