Thursday, March 28, 2024

General line - 0115112241

සජිත් ගෙන් ගෝඨාභයට ලිපියක් : පිළිතුර ගැන අවධානයෙන් සිටින බවද කියයි 




නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් තමන් සමග ප්‍රසිද්ධ විවාදයක් සඳහා පැමිණෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අද (03) ලිපියක් යොමු කර තිබෙනවා.

" අපගේ ප්‍රතිපත්ති, සැලසුම් සහ වැඩ පිළිවෙල මහජනතාවට වඩාත් සංවාදශීලිව ගෙන යනු පිණිස ඉකුත් බදාදා දිනයේදී තමන් විසින් ජාතිය හමුවේ ප්‍රසිද්ධ අභියෝගයක් සිදුකලත් මේ දක්වා ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි" අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ලිපියේ සඳහන් කර ඇත්තේ. තමන් කුමන අවස්ථාවක හෝ එම අභියෝගය සඳහා ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බවට අපේක්ෂාවෙන් පසුවන බව ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

ලොවපුරා ජනාධිපති අපේක්ෂකයින් කිසිදු දෙගිඩියාවකින් තොරව තමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සෘජුව හෝ මැදහත් විවාද කරන බවත් එවැනි විවාද රූපවාහිනි සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද විකාශනය කරයි. 

අපගේ මාතෘභූමිය පිලිබඳ දරන මතය සම්බන්ධයෙන් ඔබට පැවසිය යුත්තේ කුමක්ද? ඔබගේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මා දරන්නේ කවර මතයක්ද යන්න විවෘත විවාදයකින් මහජනතාවට දැනගන්න පැහැදිලි අවස්ථාවක් මේ හරහා උදාවන බවයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම මෙම ආරාධනාව සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ උපදේශකයින් දක්වන ප්‍රතිචාරය සම්බන්ධයෙන් තමන ඇතුළු රටේ ජනතාව දැඩි අවධානයෙන් යුතුව බලා සිටින බවයි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරය සිය ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.