Saturday, April 20, 2024

General line - 0115112241

නෙදර්ලන්තයත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලබයි




පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා. ඒ, සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ අවසන් මහා තරඟයේදී පැපුවා නිව්ගිනියාව කඩුලු 07 කින් පරාජය කරමින්.

තරඟය පරාජය වුව ද සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ප්‍රසාද ලකුණු අනුව පැපුවා නිව්ගිනියාව ද විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගත්තා. මීට අමතරව අයර්ලන්තය, ඕමානය, නැමීබියාව සහ ස්කොට්ලන්තය ද විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.