මිලේනියම් චැලේන්ජ් සහයෝගීතා ගිවිසුම අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බැවින් එය අත්සන් කර, පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට පවසන්නේ, පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුමක් නොමැති පුද්ගලයින් බවයි. සනාථ නොකළ ලියවිල්ලක් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බව ද එහි සඳහන්.
මෙම ගිවිසුම නීත්‍යානුකූල වන්නේ එය ක්‍රියාත්මක කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් පසුව බවට ගිවිසුමේම ඇතුළත් බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රමවේදය අනුව ගිවිසුම ගැසට් කළ විට එමගින් අගතියට පත් වේ යැයි සිතන ඕනෑම පුරවැසියෙකුට ඊට විරුද්ධව අධිකරණයට යාමේ හැකියාවක් ද පවතිනවා. දැනට මේ සඳහා නීතිපතිවරයාගේ එකඟතාවය ලැබී ඇති බැවින් මිලේනියම් චැලේන්ජ් සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීමේ නීතිමය ගැටලුවක් කිසි විටෙකත් නොමැති බවයි, මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ.