Tuesday, April 23, 2024

General line - 0115112241

දිල්ලියේ වායු දූෂණයෙන් ජාත්‍යන්තර තරඟවලටත් බලපෑම්




ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පවතින වායු දූෂණය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩකයින්ට ද බලපෑම් එල්ල වී තිබෙනවා. බංග්ලාදේශය හා ඉන්දියාව අතර පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟය පැවැත්වෙන්නේ ද දිල්ලි නුවරයි. පවතින තත්වය හේතුවෙන් මෙම තරඟය අත්හැර දමන ලෙසට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් පවා දැනුම් දී තිබුණා. තරඟයට පෙර පැවති පුහුණුවීම් සඳහා ද එම ක්‍රීඩකයින් සහභාගී වූයේ මුහුණු ආවරණ පැළඳගෙනයි. කෙසේ වෙතත් තරඟය පැවැත්වීමට ක්‍රීඩා බලධාරීන් පසුව තීරණය කළා.

වායු දූෂණය හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට එල්ල වූ බලපෑම තවදුරටත් දැඩි වී තිබෙනවා. මේ හේතුවෙන් සමස්ත නගරයම අඳුරු පැහැ ගැන්වී ඇති අතර දහවල් කාලයේ ද රථවාහන ධාවනය සිදු කරන්නේ විදුලි පහන් දල්වාගෙනයි. මාර්ග පවා පැහැදිලිව නොපෙනෙන බැවින් දැඩි රථවාහන තදබදයක් ද පවතින බවයි පැවසෙන්නේ. දිල්ලියට පැමිණි ගුවන් යානා 32 ක් මේ වන විටත් වෙනත් ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබෙනවා. සියලු පාසල් අඟහරුවාදා තෙක් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.